මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් බහරේනය, ඩුබායි හා දෝහාහි පිපරීම් වාර්තා ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එසේම කුවේටයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදී පිපිරීම් වාර්තා වී තිබේ.
සයිප්‍රසයේ පිහිටි එංගලන්ත කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් එම කඳවුරට අවම හානියක් සිදුව තිබේ.
ඊශ්‍රායෙලය විසින් ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 31ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.